ප්‍රධාන පුවත්

නැගෙනහිර ඉඩම් රැකගැනීමට විශේෂ කමිටුවක්

නැගෙනහිර පළාතේ ඉඩම් ආරක්ෂා කිරීම සඳහා නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක් පත් කිරීමට සැලසුම් කර ඇති බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රකාශ කරයි.

දේශපාලන බලපෑම් යොදාගෙන ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් නැගෙනහිර පළාත තුළ ගැටලු රැසක් නිර්මාණය වී ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අම්පාර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පැවති සම්බන්ධීකරණ කමිටු රැස්වීමකට එක්වෙමින් ඔහු මේ අදහස් පළ කළේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ අධ්‍යාපන කාර්යාල සහ ප්‍රදේශීය ලේකම් කාර්යාල වැනි පරිපාලන ආයතන ස්ථාපිත කිරීම දේශපාලන කටයුත්තක් නොව පරිපාලන ක්‍රියාවලියක් බවයි. තවද අම්පාර දිස්ත්‍රික්කයේ ගුරු පුරප්පාඩු සම්බන්ධයෙන් පවතින ගැටලු පිළිබඳවද ඔහු අවධානය යොමු කළේය.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button