ප්‍රධාන පුවත්

2027 අයවැය කථාව නොවැම්බර් 12 දා

2027 අයවැය කථාව නොවැම්බර් 12 වැනිදා පාර්ලිමේන්තුවට

2027 අයවැය දෙවන වර කියවීම හෙවත් අයවැය කථාව නොවැම්බර් මස 12 වන දින පාර්ලිමේන්තුවේදී සිදු කිරීමට නියමිත බව මුදල් අමාත්‍යාංශය සඳහන් කරයි.

විසර්ජන පනත් කෙටුම්පත සැප්තැම්බර් මස 18 වන දින ගැසට් පත්‍රයේ පළ කිරීමට නියමිත අතර, එහි පළමු වර කියවීම ඔක්තෝබර් මස 07 වන දින පැවැත්වීමට සැලසුම් කර තිබේ.

අමාත්‍යාංශ අනුව වියදම් ඇස්තමේන්තු ඇතුළත් 2027 විසර්ජන පනත් කෙටුම්පත සැප්තැම්බර් මස 14 වන දින අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කිරීමට නියමිත බවද මුදල් අමාත්‍යාංශය වැඩිදුරටත් පවසයි.

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් 13 සිට 20 දක්වා පැවැත්වෙන අතර, කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් 21 සිට දෙසැම්බර් 14 දක්වා පැවැත්වීමට නියමිතය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button