ප්‍රධාන පුවත්

EPDP සාමාජිකයන් 8කට මරණ දඬුවම

EPDP සාමාජිකයන් 8කට මරණ දඬුවම නියම කිරීමට මඩකලපුව මහාධිකරණය අද (19) තීන්දු කර තිබේ.

ඒ, 2008 වසරේදී එරාවූර් පොලිස් බල ප්‍රදේශයේදී දේවදාස් සුරේෂ් කුමාර් නමැති පුද්ගලයා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කිරීමේ සිද්ධියට අදාළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

EPDP සාමාජිකයන් 8කට මරණ දඬුවම නියම කළ නඩුවේ තීන්දුව අද ප්‍රකාශයට පත් කෙරේ

මෙම නඩුවේ විත්තිකරුවන් ලෙස නම් කර සිටි පුද්ගලයන් නව දෙනාගෙන් අට දෙනෙකු අදාළ චෝදනාවලට වරදකරුවන් බවට තීරණය කළ මහාධිකරණය, ඔවුන්ට මරණ දඬුවම නියම කළේය. අනෙක් විත්තිකරු නිදොස් කොට නිදහස් කිරීමට ද අධිකරණය නියෝග කළේය.

මඩකලපුව මහාධිකරණ විනිසුරු ටී.ජේ. ප්‍රභාකරන් මහතා විසින් මෙම තීන්දුව ලබා දී තිබේ.

2008 ජුනි 19 වැනිදා සිදුවූ මෙම ඝාතනය සම්බන්ධයෙන් අධිකරණයේදී අනාවරණය වී ඇත්තේ, එවකට චෙංකලඩි කඳවුරේ රැඳී සිටි EPDP සාමාජිකයන් පිරිසක් විසින් සුරේෂ් කුමාර් නමැත්තා වෑන් රථයකින් පැහැරගෙන ගොස් ඝාතනය කර ඇති බවයි.

එමෙන්ම ඝාතනයෙන් අනතුරුව ඔහුගේ මළසිරුර වළ දමා ඒ මත කෙසෙල් පැළයක් සිටුවා තිබූ බව ද නඩු විභාගයේදී හෙළි වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එරාවූර් පොලිසිය විසින් EPDP සාමාජිකයන් නව දෙනෙකු අත්අඩංගුවට ගෙන නඩු පවරා තිබූ අතර, මූලික මහෙස්ත්‍රාත් පරීක්ෂණයෙන් අනතුරුව 2016 වසරේදී නඩුව වැඩිදුර විභාගය සඳහා මඩකලපුව මහාධිකරණයට යොමු කර තිබුණි.

පැහැරගැනීම සඳහා යොදාගත් බව කියන වෑන් රථය ද සොයාගෙන තිබූ අතර, ඒ සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් පුරා මහාධිකරණය හමුවේ නඩු විභාගය පැවැත්විණි.

එම දීර්ඝ නඩු විභාගයෙන් අනතුරුව අද මෙලෙස විත්තිකරුවන් අට දෙනෙකුට මරණ දඬුවම නියම කෙරුණු අතර, තීන්දුවෙන් පසු ඔවුන් මඩකලපුව බන්ධනාගාරය වෙත රැගෙන ගොස් තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button