
ධීවර බෝට්ටු සඳහා සහනාධාර මල්ලක්
ධීවර ප්‍රජාවට සුබ ආරන්චියක් ධීවර ක්ෂේත්‍රයට සහනයක් ලෙස ධීවර බෝට්ටු සඳහා ඉන්ධන සහනාධාරයක් ලබාදීමට අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලැබී තිබේ.
මෙම යෝජනාව අනුව, කුඩා ධීවර බෝට්ටු සඳහා ඉන්ධන ලීටරයකට රුපියල් 50ක සහනාධාරයක් ලබාදීමට නියමිත අතර, බහුදින ධීවර බෝට්ටු සඳහා එක් සංචාරයක් සඳහා රුපියල් 150,000ක දීමනාවක් හිමිවනු ඇත.
ධීවර අමාත්‍යාංශය පවසන්නේ මෙම සහනාධාර වැඩසටහන අප්‍රේල් 20 වැනිදා සිට ක්‍රියාත්මක වන බවයි.
මැදපෙරදිග කලාපයේ පවතින යුදමය නොසන්සුන්තාවය හේතුවෙන් ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම සහ සැපයුම් ගැටලු මතුවීමත් සමඟ මෙරට ධීවර කර්මාන්තය දැඩි පීඩනයකට ලක්ව ඇති පසුබිමක මෙම තීරණය ගෙන ඇත.
මෙම ගැටලු සම්බන්ධයෙන් ඊයේ (06) විශේෂ සාකච්ඡාවක් පැවැත්වූ අතර, එය ධීවර, ජලජ හා සාගර සම්පත් අමාත්‍ය රාමලිංගම් චන්ද්‍රසේකර් සහ ජනාධිපති අනුර කුමාර දිසානායකගේ ප්‍රධානත්වයෙන් සිදු විය.
ධීවර කර්මාන්තය ඉක්මනින් යථා තත්ත්වයට පත් කිරීම සහ ධීවර ප්‍රජාව මුහුණ දෙන ආර්ථික පීඩනය අවම කිරීම මෙහි ප්‍රධාන අරමුණ බව ද සඳහන් වේ.



