
දේශීය ආදායම් සංශෝධන පනත බලාත්මකයි
දේශීය ආදායම් (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (03) සිය සහතිකය ලබා දී තිබේ.
මෙම පනත් කෙටුම්පතේ දෙවැනිවර කියවීමේ විවාදය පසුගිය මැයි 19 වනදා පාර්ලිමේන්තුවේදී පැවැත්වුණු අතර, සංශෝධන කිහිපයක් සමඟ එය සම්මත කරනු ලැබීය.
2017 අංක 24 දරන දේශීය ආදායම් පනතට අදාළ මෙම සංශෝධන මඟින් බදු පරිපාලන පද්ධතිය නවීකරණය කිරීම, නීතිමය ප්‍රතිපාදන වඩාත් පැහැදිලි කිරීම, බදු අනුකූලතාව ඉහළ නැංවීම සහ නීති බලාත්මක කිරීම ශක්තිමත් කිරීම අපේක්ෂා කෙරේ.
එමෙන්ම බදු ගණනය කිරීමේ ක්‍රමවේද වඩාත් නිවැරදි කිරීම, ආර්ථික අවශ්‍යතා සඳහා සහාය ලබාදීම, විනිවිදභාවය වර්ධනය කිරීම සහ මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ ක්‍රියාමාර්ග තවදුරටත් ශක්තිමත් කිරීම ද මෙම සංශෝධනවල අරමුණු අතර වේ.
නව පනත යටතේ ඇතැම් මූල්‍ය ගනුදෙනු සඳහා බදු ගෙවන්නන් හඳුනාගැනීමේ අංකය (TIN) අනිවාර්ය කර ඇති අතර, ආදායම් ගණනය කිරීමේ විධිවිධාන සංශෝධනය කිරීම, විශේෂ ව්‍යාපෘති සහ ව්‍යාපාර සඳහා වන බදු සහන පැහැදිලි කිරීම සහ අදාළ ආයතන වෙත තොරතුරු හෙළිදරව් කිරීමේ විධිවිධාන පුළුල් කිරීම ද සිදු කර ඇත.
ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2026 අංක 11 දරන දේශීය ආදායම් (සංශෝධන) පනත ලෙස නිල වශයෙන් බලාත්මක වී තිබේ.



