
ප්‍රධාන පුවත්
දුමින්ද දිසානායකට එරෙහි රන් ආලේපිත ගිනි අවියේ නඩුව ජනවාරි 29 වැනිදා විභාගයට
දුමින්ද දිසානායකට එරෙහි රන් ආලේපිත ගිනි අවියේ නඩුවට අදාළ විභාගය ලබන ජනවාරි 29 වැනිදා පැවැත්වීමට කොළඹ මහාධිකරණය තීරණය කර තිබේ.
දුමින්ද දිසානායකට එරෙහි රන් ආලේපිත ගිනි අවියේ නඩුව – පූර්ව විභාග සම්මන්ත්‍රණය අවසන්
නිවාස සංකීර්ණයක රථගාලේ තිබී රන් ආලේපිත ගිනි අවියක් සොයාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින හිටපු අමාත්‍ය දුමින්ද දිසානායක ඇතුළු විත්තිකරුවන් දෙදෙනෙකුට එරෙහිව මෙම නඩුව ගොනු කර ඇත.
අදාළ නඩුවේ පූර්ව විභාග සම්මන්ත්‍රණය අවසන් වීමෙන් අනතුරුව අද (23) කොළඹ මහාධිකරණ විනිසුරු උදේශ් රණතුංග මහතා විසින් නඩු විභාගය සඳහා දිනය නියම කරනු ලැබීය.
එමෙන්ම ජනවාරි 29 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස දන්වා සාක්ෂිකරුවන් වෙත සිතාසි නිකුත් කිරීමට ද විනිසුරුවරයා නියෝග කර තිබේ.



