ප්‍රධාන පුවත්

කොළඹ – මහනුවර මාර්ගය අද රාත්‍රී පහළ කඩුගන්නාවෙන් වසා දැමේ

කොළඹ – මහනුවර මාර්ගය අද රාත්‍රී 11 සිට හෙට අලුයම 6 දක්වා පහළ කඩුගන්නාව ප්‍රදේශයෙන් සම්පූර්ණයෙන් වසා තැබීමට තීරණය කර තිබේ.

කොළඹ මහනුවර මාර්ගය වසා දැමේ – පහළ කඩුගන්නාවෙන් පැය හතක් ගමනාගමනය නවතී

පහළ කඩුගන්නාව ප්‍රදේශයේ අවදානම් සහිත ගල් ඉවත් කිරීමේ කටයුතු සහ ඊට අදාළ නඩත්තු කටයුතු සිදුකිරීම හේතුවෙන් මෙම මාර්ග වසා දැමීම සිදුකරන බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි.

ඒ අනුව, අද (23) රාත්‍රී 11.00 සිට හෙට (24) උදෑසන 6.00 දක්වා මෙම මාර්ග කොටසෙහි රථවාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවනු ඇත.

මේ සම්බන්ධයෙන් දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකය විසින් දිස්ත්‍රික් ලේකම්වරයා ඇතුළු අදාළ නිලධාරීන් දැනුවත් කිරීමට පියවර ගෙන තිබේ.

එමෙන්ම, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ හදිසි මෙහෙයුම් මැදිරිය ඔස්සේ ද මේ පිළිබඳව අදාළ සියලු පාර්ශ්වයන් වෙත දැනුම්දීම් සිදුකර ඇති බව වාර්තා වේ.

එබැවින්, එම කාලසීමාව තුළ කොළඹ – මහනුවර මාර්ගය භාවිත කිරීමට බලාපොරොත්තු වන රියදුරන් සහ මහජනතාව මාර්ග වසා තැබීම පිළිබඳව අවධානය යොමු කර විකල්ප මාර්ග භාවිත කරන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button