ප්‍රධාන පුවත්

දිට්වා සුළි කුණාටුවෙන් විපතට පත් පවුල් 1,000කට අන්තර්කාලීන නිවාස ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය

දිට්වා සුළි කුණාටුවෙන් බලපෑමට ලක්ව සුරක්ෂිත මධ්‍යස්ථාන, කූඩාරම් සහ ඥාති නිවාසවල තාවකාලිකව පදිංචිව සිටින පවුල් සඳහා අන්තර්කාලීන නිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට කැබිනට් අනුමැතිය ලැබී තිබේ.

මෙම ආපදාවෙන් පූර්ණ ලෙස හානි වූ නිවාස සංඛ්‍යාව 6,088ක් වන අතර අර්ධ හානි වාර්තා වූ නිවාස 115,179ක් ලෙස සඳහන් වෙයි. 2026 අප්‍රේල් 22 වන විට දිස්ත්‍රික්ක 4ක පිහිටි සුරක්ෂිත මධ්‍යස්ථාන 20ක පවුල් 494ක් තවමත් රැඳී සිටින අතර, අනෙකුත් පිරිසක් කූඩාරම් සහ ඥාති නිවාසවල ජීවත්වෙති.

නායයෑම් හා ගංවතුර හේතුවෙන් නිවාස අහිමි වූ පවුල් සඳහා නව නිවාස ඉදිකරන තෙක් මාසික රුපියල් 25,000ක කුලී දීමනාවක් ලබාදීමට රජය පියවර ගෙන තිබුණද, අදාල ප්‍රදේශවල කුලී නිවාස සොයාගැනීම දුෂ්කර වී ඇති බව සඳහන් වේ.

ඒ අනුව, ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය විසින් සකස් කළ නිවාස සැලැස්මට අනුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සහාය ඇතිව කෑගල්ල, මහනුවර, නුවරඑළිය සහ බදුල්ල දිස්ත්‍රික්කවල පවුල් 1,000කට අන්තර්කාලීන නිවාස ඉදිකිරීමට නියමිතය. මෙම ව්‍යාපෘතිය ස්ථිර නිවාස ඉදිකිරීම සම්පූර්ණ වන තෙක් තාවකාලික නවාතැන් ලබාදීමේ අරමුණින් ක්‍රියාත්මක කෙරේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button