උණුසුම් පුවත්

නාමල් රාජපක්ෂ සැප්. 23 දක්වා රිමාන්ඩ්

නාමල් රාජපක්ෂ මහතා සැප්තැම්බර් 23 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය අද (16) නියෝග කර තිබේ.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන්යානා මිලදී ගැනීමේදී සිදුවූ බව කියන අමෙරිකානු ඩොලර් මිලියන 2ක පමණ මුදලක් අයථා ලෙස පරිහරණය කිරීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව නාමල් රාජපක්ෂ මහතා සැකකරුවෙකු ලෙස අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

එම නඩු කටයුත්තට අදාළව අද දිනයේ බන්ධනාගාරගතව සිටි නාමල් රාජපක්ෂ මහතා කොළඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරුගේ ඇප ඉල්ලීම සම්බන්ධයෙන් නියෝගය සැප්තැම්බර් 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බවද මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.

මෙහිදී විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් ජනක බණ්ඩාර මහතා පෙනී සිටි අතර, නාමල් රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා ඇතුළු නීතිඥවරු පෙනී සිටියහ.

දෙපාර්ශ්වයේ නීතිඥවරුන් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අදාළ නියෝගය නිකුත් කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button