ප්‍රධාන පුවත්

රේගුව මුල් මාස 6දී ආදායම් ඉලක්කය ඉක්මවයි

ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව 2026 වසරේ ජුනි 30 දිනෙන් අවසන් වූ පළමු මාස හය තුළ රුපියල් බිලියන 1,373.7ක ආදායමක් උපයා ගනිමින් නියමිත ආදායම් ඉලක්කය ඉක්මවා ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යේෂ්ඨ රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා පැවසීය.

ඔහු සඳහන් කළේ එම කාලය සඳහා රේගුවට නියම කර තිබූ ආදායම් ඉලක්කය රුපියල් බිලියන 1,060.5ක් වූ අතර, එය ඉක්මවා රුපියල් බිලියන 313ක අතිරික්ත ආදායමක් උපයා ගැනීමට හැකි වූ බවයි.

2026 වසර සඳහා රේගු දෙපාර්තමේන්තුවට පවරා ඇති සමස්ත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 2,206කි. වත්මන් ප්‍රගතිය සැලකිල්ලට ගත් විට පසුගිය වසරේ වාර්තා වූ රුපියල් ට්‍රිලියන 2.5ක සමස්ත ආදායමද මේ වසරේ ඉක්මවා යා හැකි බවට අපේක්ෂා කරන බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

මේ අතර, ජූලි මාසය සඳහා නියමිත ආදායම් ඉලක්කය රුපියල් බිලියන 192.4ක් වන අතර, එහි පළමු දින දෙක තුළ පමණක් රුපියල් බිලියන 31ක ආදායමක් රැස් කර ගැනීමට රේගුව සමත්ව තිබේ.

කෙසේ වෙතත්, මෝටර් රථ ආනයනය සීමා කර ඇති බැවින් එම අංශයෙන් ලැබෙන ආදායමේ යම් අඩුවීමක් දක්නට ලැබෙන බව ද චන්දන පුංචිහේවා මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

#ceylon

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button