කාලගුණය

අද කාලගුණය: ප්‍රදේශ රැසකට වැසි සහ තද සුළං

අද (04) අලුයම 5.30ට නිකුත් කළ කාලගුණ අනාවැකියට අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි ඇතිවිය හැකිය. එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවන තරමක තද වැසි ද අපේක්ෂා කෙරේ.

මේ අතර අනුරාධපුර සහ මන්නාරම දිස්ත්‍රික්කවලද වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

සුළං තත්ත්වය සම්බන්ධයෙන් සලකා බැලීමේදී, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වල මෙන්ම රත්නපුර, හම්බන්තොට හා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලද විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර වේගයකින් තද සුළං හමා යාමේ හැකියාව පවතින බැවින් ජනතාව අවධානයෙන් කටයුතු කරන ලෙස දැනුම් දී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button