
තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් නවීකරණයට සැලසුම්
තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කිරීම සඳහා පත් කළ අමාත්‍ය මණ්ඩල අනුකමිටුවේ තෙවැනි රැස්වීම අද (09) පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.
අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවති මෙම සාකච්ඡාවේදී වෘත්තීය අධ්‍යාපන ක්ෂේත්‍රයේ නව අවස්ථා පුළුල් කිරීම සහ එම ආයතන නවීකරණය කිරීම පිළිබඳ අවධානය යොමු කෙරිණි.
එහිදී තාක්ෂණ හා කාර්මික විද්‍යාල 25ක් සංවර්ධනය කිරීමේ වැඩසටහන යටතේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීම, නව පුහුණු වැඩසටහන් හඳුන්වාදීම සහ සිසුන්ට නවීන තාක්ෂණික දැනුම හා කුසලතා ලබාදීම සඳහා ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කර තිබේ.
මෙම වැඩසටහන මඟින් මෙරට වෘත්තීය අධ්‍යාපනයේ ගුණාත්මකභාවය ඉහළ නැංවීම සහ රැකියා වෙළෙඳපොළට ගැළපෙන පුහුණු අවස්ථා වැඩි කිරීම අරමුණු කර ඇති බව අග්‍රාමාත්‍ය කාර්යාලය සඳහන් කළේය.
මෙම අවස්ථාවට වරාය, සිවිල් ගුවන්සේවා හා බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක, කම්කරු අමාත්‍ය සහ මුදල් ක්‍රමසම්පාදන නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය අනිල් ජයන්ත, ග්‍රාමීය සංවර්ධන, සමාජ ආරක්ෂණ හා ප්‍රජා සවිබල ගැන්වීමේ අමාත්‍ය ආචාර්ය උපාලි පන්නිලගේ ඇතුළු අමාත්‍යාංශ නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.



