ප්‍රධාන පුවත්

සරම්ප ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර තුනක රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම නවතයි

සරම්ප ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර තුනක රැඳවියන් අධිකරණයට ඉදිරිපත් කිරීම තාවකාලිකව අත්හිටුවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

සරම්ප ව්‍යාප්තිය හේතුවෙන් බන්ධනාගාර තුනක රැඳවියන් තුළ රෝග පාලන පියවර දැඩි කෙරේ

කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය, මැගසින් බන්ධනාගාරය සහ වැලිකඩ බන්ධනාගාරය තුළ සරම්ප රෝගය ව්‍යාප්ත වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම තීරණය ගෙන ඇත.

මේ සම්බන්ධයෙන් අදාළ බන්ධනාගාර පාලනාධිකාරිය විසින් අධිකරණ වෙත ලිඛිතව දැනුම් දී ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක සේනක පල්ලෙතැන්න මහතා සඳහන් කර තිබේ.

ඒ අනුව අද (09) දිනයේදී එම බන්ධනාගාර තුනෙන් කිසිදු රැඳවියෙකු අධිකරණ කටයුතු සඳහා ඉදිරිපත් කර නොමැති බව වාර්තා වේ.

පසුගිය දින කිහිපය තුළ මෙම බන්ධනාගාරවල රැඳවියන් අතරින් සරම්ප ආසාදිතයින් කිහිපදෙනෙකු හඳුනාගෙන ඇති අතර, රෝගය තවදුරටත් පැතිර යාමේ අවදානමක් පවතින බව ද මාධ්‍ය ප්‍රකාශකවරයා පෙන්වා දී ඇත.

එම තත්ත්වය පාලනය කිරීමේ අරමුණින් බන්ධනාගාර තුළ එන්නත්කරණ වැඩසටහනක් ද මේ වනවිට ක්‍රියාත්මක කර ඇති බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button