
කස්සප හිමි සමඟ සිටි පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිත කර ඇති බව හෙළිවෙයි
අනුරාධපුර පූජා භූමියේ සත්‍යග්‍රහයක නිරතව සිටින බලංගොඩ කස්සප හිමියන් සමඟ රැඳී සිටියදී අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු හෙරොයින් සහ ගංජා භාවිත කර සිටි බවට සිදුකළ පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
කස්සප හිමි සමඟ සිටි පුද්ගලයා සම්බන්ධයෙන් පරීක්ෂණවලින් අනාවරණයක්
පොලිස් රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් අදාළ පුද්ගලයා මත්ද්‍රව්‍ය භාවිත කර සිටි බව පරීක්ෂණවලදී තහවුරු වී ඇති බව වාර්තා වේ.
එලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ බලදුර රංගිරියලාගේ ප්‍රසාද් සුසන්ත ජයසිරි නොහොත් දහම් ප්‍රසාද් නමැති පුද්ගලයාය.
පසුගියදා අනුරාධපුර රුවන්වැලි මහා සෑය ආසන්නයේදී පොලිසිය සහ භික්ෂූන් වහන්සේලා අතර ඇති වූ නොසන්සුන්කාරී සිද්ධියට අදාළව සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.
අනුරාධපුර පූජා නගර සැලැස්මට විරෝධය පළ කරමින් සංවිධානය කර තිබූ සත්‍යග්‍රහයට සහභාගී වූ භික්ෂූන් වහන්සේලා සහ ඊට සහාය දැක්වූ සිවිල් පිරිස එම ස්ථානයෙන් ඉවත් කිරීමට පොලිසිය උත්සාහ කිරීමත් සමඟ මෙම නොසන්සුන්තාව හටගෙන තිබුණි.
පසුව එම තත්ත්වය තවදුරටත් උත්සන්න වී පොලිසිය සහ එහි සිටි පිරිස් අතර ගැටුම්කාරී තත්ත්වයක් දක්වා වර්ධනය වී තිබිණි.



