
ත්‍රිරෝද රථ රියදුරන්ට වයස් සීමාවක් ගැන නව යෝජනාවක්
ත්‍රිරෝද රථ ධාවනය සඳහා පවතින අවම වයස් සීමාව අවුරුදු 40 දක්වා ඉහළ නැංවීමට ඉදිරියේදී පියවර ගැනීමට අපේක්ෂා කරන බව වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා ප්‍රකාශ කළේය.
පාසල් අධ්‍යාපනය අවසන් කළ පසු තරුණයන් කඩිනමින් ත්‍රිරෝද රථ ධාවනයට යොමුවීම අවම කිරීමේ අරමුණින් මෙම යෝජනාව ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බව ඔහු සඳහන් කළේය.
රටේ අනාගත සංවර්ධනය සඳහා දියුණු මානව සම්පතක් ගොඩනැගීම අත්‍යවශ්‍ය බව පෙන්වා දුන් නියෝජ්‍ය අමාත්‍යවරයා, මානව සම්පත් සංවර්ධනය රජයේ ප්රමුඛ කාර්යයක් බවද පැවසීය.
ඒ අනුව අධ්‍යාපන ක්ෂේත්රයේ පුළුල් වෙනසක් ඇති කිරීමේ අරමුණින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ හඳුන්වා දී ඇති බවද නලින් හේවගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා මෙසේ පැවසීය.
‘‘අපේ රටේ අනාගතය රැඳිලා තියෙන්නේ දරුවන්ගේ අතේ. දියුණු මානව සම්පතක් තමා දවසක දියුණු රටක් බවට ලංකාව පත් කරන්නේ. රජයක් හැටියට අපි ප්‍රමුඛත්වය දෙන්නේ මානව සම්පතේ සංවර්ධනයට. ඒ වෙනුවෙන් තමා අධ්‍යපාන ප්‍රතිසංස්කරණ ගෙනත් තියෙන්නේ. මේ අධ්‍යාපනයේ දැවැන්ත වෙනසක් වෙන්න ඕනේ කියලා අපි විශ්වාස කරනවා. ඉස්සරහට අපි ත්‍රිවීල් පදින වයසත් 40 දක්වා වැඩි කරන්න බලාපොරොත්තු වෙනවා. ඉස්කෝලේ ගිහින් ඉවර වුණ ගමන් ත්‍රීවිල් එකක් අරන් පාරට එන්න බෑ.”



