
ප්‍රධාන පුවත්
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක්
මහර බන්ධනාගාරයේ නොසන්සුන් තත්ත්වයක් හටගෙන ඇති බවට පොලීසිය පවසයි.
ඒ අනුව, මතුව ඇති තත්ත්වය පිළිබඳ සොයා බැලීම සඳහා මේ වන විට විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මහර බන්ධනාගාරය වෙත යොදවා ඇති බව පොලීසිය සඳහන් කළේය.
එමෙන්ම බන්ධනාගාරය අවට ප්‍රදේශයේ ආරක්ෂාව තරකරමින් පොලිස් නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකායේ (STF) නිලධාරීන් ද ස්ථානගත කර ඇති බව වාර්තා වේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු සොයා බැලීම සඳහා අදාළ අංශ විමර්ශන ආරම්භ කර ඇති අතර, ඉදිරි තොරතුරු අනුව වැඩිදුර විස්තර නිකුත් කිරීමට නියමිතය.



