
ඩෙංගු රෝගීන් 86,000 ඉක්මවයි
මෙරටින් 2026 වසරේ ආරම්භයේ සිට මේ දක්වා ඩෙංගු රෝගීන් 86,000ක් වාර්තා වී ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය නිකුත් කළ නවතම වාර්තාවෙන් අනාවරණය වී තිබේ.
එම වාර්තාවට අනුව වසරේ වැඩිම ඩෙංගු ආසාදිතයන් සංඛ්‍යාව වාර්තා වී ඇත්තේ පසුගිය ජූලි මාසයේදීය. එම මාසය තුළ පමණක් රෝගීන් 29,980ක් හඳුනාගෙන ඇති අතර අගෝස්තු මාසයේ ගත වූ පළමු දින දෙක තුළ තවත් රෝගීන් 646ක් වාර්තා වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 18,249කි. දෙවැනි ස්ථානයේ පසුවන්නේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර එහි වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 17,048ක් ලෙස සඳහන් වේ.
මේ අතර ඩෙංගු රෝගය හේතුවෙන් මේ දක්වා මරණ 62ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. තවද රෝග ව්‍යාප්තියේ ඉහළ අවදානමක් පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 137ක් තවදුරටත් අධි අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව එම වාර්තාවේ දැක්වේ.



