
ඩෙංගු රෝගීන් 82,011 දක්වා ඉහළට – මරණ 61ක්
මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, 2026 වසරේ මේ දක්වා වාර්තා වූ සමස්ත ඩෙංගු රෝගීන් 82,011 ක සංඛ්‍යාවක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකයේ දත්ත අනුව, ඩෙංගු ආසාදනය හේතුවෙන් මේ වන විට පුද්ගලයින් 61 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 17,395 කි. දෙවැනි ස්ථානයේ පසුවන්නේ කොළඹ දිස්ත්‍රික්කය වන අතර එහි රෝගීන් සංඛ්‍යාව 16,294ක් ලෙස සටහන් වී ඇත.
පළාත් අනුව සලකා බැලීමේදී, බස්නාහිර පළාත තවදුරටත් වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වන ප්‍රදේශය ලෙස පවතින අතර එහි සමස්ත රෝගීන් සංඛ්‍යාව 43,388කි. ඊට පසු දකුණු පළාතෙන් රෝගීන් 12,419ක් වාර්තා වී තිබේ.
මේ අතර, දිවයින පුරා ඩෙංගු ව්‍යාප්තිය සැලකිල්ලට ගනිමින් අධි අවදානම් කලාප 175ක් හඳුනාගෙන ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් සඳහන් කරයි.



