ප්‍රධාන පුවත්

පොලීසියට රු. මිලියන 556ක නව තාක්ෂණික උපකරණ

රුපියල් මිලියන 556ක මුළු වටිනාකමකින් යුත් අත්‍යවශ්‍ය තාක්ෂණික උපකරණ තොගයක් පොලීසිය වෙත භාරදීමේ වැඩසටහනක් සිදුකර තිබේ. මෙම උපකරණ තොගය මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා විසින් නිල වශයෙන් ප්‍රදානය කර ඇත.

අදාළ උපකරණ මහජන ආරක්ෂක හා පාර්ලිමේන්තු කටයුතු අමාත්‍යාංශයේදී සංකේතාත්මකව පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා වෙත භාරදුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාශය සඳහන් කළේය.

මෑත ඉතිහාසයේ පොලීසිය සඳහා වැය කළ වැඩිම මුදලින් ලබාදුන් උපකරණ තොගය මෙය බවද වාර්තා වේ.

ප්‍රදානය කළ උපකරණ විස්තර

රු. මිලියන 365ක වටිනාකමින් යුත් පරිගණක 1,718ක්

රු. මිලියන 129ක වටිනාකමින් යුත් ඡායා පිටපත් යන්ත්‍ර 575ක්

රු. මිලියන 45ක වටිනාකමින් යුත් වේගමාපක යන්ත්‍ර

රු. මිලියන 17ක වටිනාකමින් යුත් යු.පී.එස්. 1,750ක්

මෙම නව තාක්ෂණික සහ භෞතික සම්පත් හරහා නීතිය හා මහජන ආරක්ෂාව තවදුරටත් ශක්තිමත් කිරීමටත්, පොලිස් සේවාව ජනතාව වෙත වඩා කාර්යක්ෂම ලෙස සැපයීමටත් අපේක්ෂා කෙරේ. එමෙන්ම, පොලිස් නිලධාරීන්ගේ දෛනික රාජකාරී කටයුතු පහසු කරමින් සේවා ගුණාත්මකභාවය ඉහළ නැංවීමද මෙහි ප්‍රධාන අරමුණක් ලෙස සඳහන් වේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button