
AI සමුළුව 2026 අතරතුර ජනපති අනුර – මෝදි විශේෂ හමුවක්
අනුර කුමාර දිසානායක සහ නරේන්ද්‍ර මෝදි අතර විශේෂ ද්වීපාර්ශ්වික හමුවක් ඉන්දියාවේ නවදිල්ලියේදී පැවැත්වී තිබේ.
නවදිල්ලි නුවර භාරත් මණ්ඩපම් හිදී ඊයේ (18) රාත්‍රී මෙම හමුව සිදුව ඇති අතර, එය පැවැත්වී ඇත්තේ ඒ අයි ඉම්පැක්ට් සම්මිට් 2026 සමුළුවට සහභාගී වීම සඳහා ඉන්දියාවට ගොස් සිටින අවස්ථාවේදීය.
එම අවස්ථාවේදී ඉන්දීය අග්‍රාමාත්‍යවරයා විසින් පිරිනමන ලද විශේෂ රාත්‍රී භෝජන සංග්‍රහයකට ද ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගී වූ බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කළේය.
මෙම සමුළුව අද (19) දිනයේදී ඇමතීමට ජනාධිපතිවරයා නියමිතව සිටී. ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ආරාධනයකට අනුව, සමුළුවට එක්වීම සඳහා ජනාධිපතිවරයා පසුගිය 17 වැනිදා ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගියේය.
කෘතිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත සඳහා වගකීම් සහගතව භාවිත කිරීමේ අරමුණින් මෙම සමුළුව සංවිධානය කර ඇති අතර, ලෝකයේ තාක්ෂණ ක්ෂේත්රයේ ප්‍රමුඛයන් සහ රාජ්‍ය නායකයන් රැසක් එයට එක්ව සිටින බව සඳහන් වේ.
දින පහක් පුරා පැවැත්වෙන මෙම ජාත්‍යන්තර සමුළුවට රටවල් 20ක රාජ්‍ය නායකයන් සහ රටවල් 45කට වැඩි සංඛ්‍යාවක නියෝජිතයන් සහභාගී වී සිටින බව ද වාර්තා වේ.



