
ඥානසාර හිමියන්ට පොදු සමාව ගැන රජයේ ස්ථාවරය
ඥානසාර හිමියන්ට පොදු සමාව ලබාදීම සම්බන්ධයෙන් රජයට ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදුන් තීන්දුවට එරෙහිව කටයුතු කළ නොහැකි බව අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පවසයි.
අද (20) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියෙකු නැඟූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.
සිරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පොදු සමාවක් ලබාදීමට රජයට නොහැකි වන්නේ ඇයිද යන්න එහිදී අමාත්‍යවරයාගෙන් විමසා තිබේ.
ඊට ප්‍රතිචාර දක්වමින් ඔහු පෙන්වා දුන්නේ වත්මන් රජය බලයට පත්වූයේ නීතියේ විධානය සහ ආධිපත්‍ය නිසි ලෙස ක්‍රියාත්මක කිරීමේ අරමුණින් බැවින් ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවකට පටහැනිව කටයුතු කළ නොහැකි බවයි.
ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා මෙසේ පැවසීය.
“එළියේ ඉන්න හාමුදුරුනමක් ආණ්ඩුවෙන් ගිහිල්ලා කොහේ හරි බන්ධනාගාරගත කරලා නෙමෙයි. මේක අධිකරණයෙන් ලබා දුන් තීන්දුවක්… වරදක් කරලා ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් විභාග වෙලා ඒකට ශ්‍රේෂ්ඨාධිකරණයෙන් තීන්දුවක් ලබා දුන්නාට පස්සේ දි හැමතැනකම කණ්ඩායම් එකතුවෙලා ඉල්ලන්න පටන් ගත්තොත් එහෙම ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට අවනත නොවී හැසිරෙන්න කියලා රජයකට එහෙම කරන්න බෑ. මේ රජය බලයට පත්වෙන්නෙම නීතියේ විධානය සහ ආධිපත්‍ය නිවැරදිව ක්‍රියාත්මක කරන්න කියලා. තරාතිරම හරි, නිලය හරි, බලය හරි ඉදිරියේදී නීති නමන්නේ නැතිව සැමට නීතිය සාධාරණය ක්‍රියාත්මක කරන්න කියන එක තමයි රජයෙන් බලාපොරොත්තු වෙන්නේ රජයට ඡන්දය නොදීපු ජනතාව පවා. ඉතිං ඒ අනුව තිබෙන නීති ප්‍රකාරව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග අනුව කටයුතු කරනවා.”
අමාත්‍යවරයාගේ ප්‍රකාශය අනුව, මෙම කාරණයේදී රජය කටයුතු කරන්නේ අධිකරණ තීන්දුව සහ පවතින නීතිමය විධිවිධාන අනුව බව ඔහු අවධාරණය කර ඇත.



