
උණුසුම් පුවත්
ඥානසාර හිමිගේ ඉතිරි සිරදඬුවම් කාලය ක්‍රියාත්මක කරන්න නියෝග
පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ ඉතිරි සිරදඬුවම ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස අභියාචනාධිකරණය අද (05) නියෝග කර තිබේ.
අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු වීම හේතුවෙන් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට පනවා ඇති සිරදඬුවමේ ඉතිරි කාලය මෙලෙස ක්‍රියාත්මක කිරීමට නියම කර ඇත.
අත්අඩංගුවට ගැනීම සඳහා විවෘත වරෙන්තුවක් නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන් විසින් අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කර තිබුණි.
එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල, ඥානසාර හිමියන්ට පනවා ඇති දඬුවමේ ඉතිරි කාලය ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට නියෝග කර තිබේ.



