
ජුනි 14 දක්වා සංචාරකයින් 54,000 ඉක්මවයි
ජුනි මාසයේ පළමු දින 14 තුළ ශ්‍රී ලංකාවට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 54,465ක් දක්වා ඉහළ ගොස් ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය විසින් නිකුත් කළ නවතම සංඛ්‍යාලේඛනවලින් අනාවරණය වේ.
එම දත්ත අනුව, මෙම කාලසීමාව තුළ වැඩිම සංචාරකයින් පිරිස පැමිණ ඇත්තේ ඉන්දියාවෙන් වන අතර, එම සංඛ්‍යාව 21,839කි. එය සමස්ත පැමිණීම්වලින් සියයට 42කට ආසන්න ප්‍රතිශතයක් නියෝජනය කරයි.
ඉන්දියාවට අමතරව, එක්සත් රාජධානියෙන් සංචාරකයින් 4,160ක්, චීනයෙන් 3,503ක් සහ ඔස්ට්‍රේලියාවෙන් 3,105ක් ශ්‍රී ලංකාවට පැමිණ ඇති බව ද වාර්තා වේ.
මේ අතර, 2026 වසරේ ජනවාරි 1 සිට ජුනි 14 දක්වා කාලය තුළ මෙරටට පැමිණ ඇති සමස්ත සංචාරකයින් සංඛ්‍යාව 1,076,487ක් ලෙස සටහන් වී තිබේ.
එම කාලය තුළ ඉන්දියාවෙන් 272,099ක්, එක්සත් රාජධානියෙන් 102,253ක් සහ රුසියාවෙන් 76,686ක් සංචාරකයින් මෙරටට පැමිණ ඇති බව ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය වැඩිදුරටත් සඳහන් කරයි.



