ප්‍රධාන පුවත්

පවතින නීති සංශෝධනයට රජයේ තීරණය – ජනතාවට සරල සේවා සැලසීම අරමුණයි

මෙරට විවිධ ක්ෂේත්‍රවල දිගු කාලයක් පවතින නීති සහ අණපනත් නැවත සලකා බලා අවශ්‍ය සංශෝධන කිරීමට රජය තීරණය කර ඇති බව චන්දන අබයරත්න මහතා පවසයි.

රාජ්‍ය පරිපාලන අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ රාජ්‍ය නිලධාරීන්ට නීති ප්‍රතිසංස්කරණ හඳුන්වාදීමේ සමාරම්භක සැසිය අමතමින්ය.

ඔහු සඳහන් කළේ, කාලයත් සමඟ යාවත්කාලීන නොවූ නීති සංශෝධනය කර, සරල කර, සාමාන්‍ය ජනතාවට රාජ්‍ය සේවා වඩාත් පහසු හා කාර්යක්ෂම ලෙස ලබාදීම රජයේ අරමුණ බවයි.

දැනට පවතින නීති නව මුහුණුවරකින් හඳුන්වා දීම පිළිබඳව ද රජය සැලකිල්ලට ගෙන ඇති බව අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

“ගරු ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඇමති මණ්ඩලය අවස්ථා දෙකකදී මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩල පත්‍රිකා මගින් මේ සඳහා අවශ්‍ය අනුමැතිය ලබාදීලා ඉදිරි කටයුතු පවත්වාගෙන යාම සඳහා විවිධ අමාත්‍යාංශ හා වෙනස් ක්ෂේත්‍ර දහතුනක් නියෝජනය කරන උපකමිටු සඳහා නිර්දේශයක් ලබා දීලා තියෙනවා.

අපි දන්නවා අපේ තියෙන සමහරක් නීති බ්‍රිතාන්‍ය පාලන සමය දක්වාම ගමන් කරන ඒවා. සමහර විට ඊටත් පෙර පැවැති සමහර නීති රීතිවල ඡායානුවාද සහිතව තමයි බ්‍රිතාන්‍ය පාලන සමයේත් ඒවා සකස් වෙලා තියෙන්නේ. ඉතින් සමහර ඒවා බොහොම පැරණි ඒවා. පැරණි වූ පමණින්ම නීති සියල්ල ඉවත් කළ යුතු නැහැ. 

ඒ වගේ තියෙන සාධනය ලක්ෂණ අපට අවශ්‍යයි. නමුත් කාලීන වශයෙන් වෙනස් වන තත්ත්වයන්ට අනුගත වන විදියට, වෙනස් වන තත්ත්වයන්ට ගැළපෙන විදියට  ඒ නීති රීති අණපනත් රෙගුලාසි ඕනෑම එකක් වෙනස් කර ගැනීමේ අවශ්‍යතාව පවතිනවා.”

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button