ප්‍රධාන පුවත්

ජලාශ 23ක් තවදුරටත් වාන් මට්ටමේ

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් ජලාශ 23ක් තවදුරටත් වාන් මට්ටමේ පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

ඒ අතර ප්‍රධාන ජලාශ 14ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 9ක් පවතින බව වාර්තා වේ. මේ වනවිට දැදුරුඔය, රාජාංගනය, අලිකොටආර, අඹකොලවැව, අතරගල්ල සහ අඹේවෙල යන ජලාශවල වාන් දොරටු විවෘත කර තිබේ.

දැදුරුඔය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි දෙක බැගින් ද, තවත් වාන් දොරටු හතරක් අඩිය බැගින් ද විවෘත කර ඇති බව සඳහන් වේ.

එමෙන්ම රාජාංගනය ජලාශයේ වාන් දොරටු දෙකක් අඩි තුන බැගින් විවෘත කර ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

මීට අමතරව තුරුවිල වැව, අංගමුව සහ වෙනුරොව වැව යන මධ්‍යම පරිමාණයේ ජලාශවල ද වාන් දොරටු විවෘත කර ඇති බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button