ප්‍රධාන පුවත්

ජනාධිපති ලේකම් කාර්යාලයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් අත්අඩංගුවට

සංවිධානාත්මක අපරාධකරුවෙකුට ශ්‍රී ලංකාවෙන් පලායාම සඳහා වෙනත් පුද්ගලයෙකුගේ නම භාවිත කරමින් ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කළ බවට චෝදනා ලැබූ සැකකරුවෙකු ඊයේ (26) පස්වරුවේ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය (CCB) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම සැකකරු වයස අවුරුදු 41ක් වන අතර, දැනට ජනාධිපති ලේකම් කාර්යාලයේ පාර්ලිමේන්තු හා අමාත්‍ය මණ්ඩල අංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයෙකු ලෙස සේවය කරන මහනුවර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ, ඔහු මීට පෙර ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ විදේශ දූත මණ්ඩල අංශයේ නියෝජ්‍ය පාලකවරයා ලෙස කටයුතු කළ සමයේ මෙම ව්‍යාජ ලේඛන සකස් කිරීමේ සිද්ධියට සම්බන්ධ වී ඇති බවයි.

අපරාධ, රථවාහන, ළමා හා කාන්තා අපයෝජන නිවාරණ විමර්ශන දිසාව භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රන්මල් කොඩිතුවක්කු, මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය භාර නියෝජ්‍ය පොලිස්පති චන්දන කොඩිතුවක්කු සහ එහි අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් ආරියවංශගේ අධීක්ෂණය යටතේ මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන තවදුරටත් ක්‍රියාත්මක වේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button