කාලගුණය

අද දිනයේ වැසි තත්ත්වය ගැන නවතම නිවේදනය

අද (27) දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලට මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලටද විටින් විට වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.

එසේම ඌව පළාත සහ අම්පාර, මඩකළපුව, මුලතිව් දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 2.00ට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමේ හැකියාව පවතින බව සඳහන් වේ. මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරු-මැද, වයඹ හා දකුණු පළාත්වලටත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයටත් පැයට කිලෝමීටර් 30 සිට 40 දක්වා වේගයෙන් තරමක තද සුළං හමා යා හැකිය.

ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවලදී අකුණු සහ තාවකාලික තද සුළං හේතුවෙන් අනතුරු සිදුවිය හැකි බැවින්, ඒවා අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button