
මහවැලි ගඟ අවට සුළු ගංවතුර අවදානමක්
මහවැලි ගඟ ආශ්‍රිත පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.
නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කර ඇත්තේ මහවැලි ගංගාවේ ඉහළ ධාරා ප්‍රදේශයට පසුගිය පැය කිහිපය තුළ සැලකිය යුතු අධික වර්ෂාපතනයක් ලැබී ඇති බවයි.
එම වර්ෂා තත්ත්වය හේතුවෙන් පස්බාගේ කෝරළය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මහවැලි ගඟ ආසන්න පහත්බිම් ප්‍රදේශවලට සුළු ගංවතුර බලපෑමක් ඇතිවිය හැකි බවට අනතුරු අඟවා ඇත.
ඒ අනුව අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව මෙන්ම එම ප්‍රදේශ හරහා ගමන් කරන මාර්ග භාවිත කරන රියදුරන්ද තත්ත්වය පිළිබඳව දැඩි අවධානයෙන් කටයුතු කරන ලෙස වාරිමාර්ග දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.
විශේෂයෙන් මහවැලි ගඟට ආසන්නව පදිංචි ජනතාව ඇතිවිය හැකි ජල මට්ටම් ඉහළ යාම පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම ඇතිවිය හැකි ගංවතුර තත්ත්වයකින් ආරක්ෂා වීම සඳහා අවශ්‍ය පූර්ව ආරක්ෂිත ක්‍රියාමාර්ග ගන්නා ලෙසද අදාළ ප්‍රදේශවල ජනතාවට වැඩිදුරටත් දැනුම් දී තිබේ.



