ප්‍රධාන පුවත්

චීන ආරක්ෂක උපදේශක සහ මෙරට ආරක්ෂක ලේකම් අතර සාකච්ඡාවක්

ශ්‍රී ලංකාවේ චීන තානාපති කාර්යාලයට අලුතින් පත්වී ඇති ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao මහතා ආරක්ෂක අමාත්‍යාංශයේදී ආරක්ෂක ලේකම් එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සම්පත් තුයියකොන්තා මහතා හමුවී තිබේ.

මෙම හමුව අතරතුර දෙපාර්ශ්වය අතර පවතින ආරක්ෂක සහයෝගීතා සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම සම්බන්ධයෙන් මෙන්ම දෙරටටම වැදගත් වන කරුණු රැසක් පිළිබඳ සුහද අදහස් හුවමාරුවක් සිදුකර ඇති බව වාර්තා වේ.

එම අවස්ථාවට චීන තානාපති කාර්යාලයේ නියෝජ්‍ය ආරක්ෂක උපදේශකවරයා සහ නාවික ආරක්ෂක උපදේශකවරයා ද සහභාගී වී තිබුණි.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button