ප්‍රධාන පුවත්

චීන ආරක්ෂක උපදේශක සහ නියෝජ්‍ය ආරක්ෂක ඇමති අතර හමුවක්

ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක ජ්‍යේෂ්ඨ කර්නල් FU Xiao සහ නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය මේජර් ජෙනරල් අරුණ ජයසේකර මහතා අතර නිල හමුවක් පැවැත්වී තිබේ.

එහිදී දෙපාර්ශ්වය අතර පවතින ආරක්ෂක සහයෝගීතාව, ද්විපාර්ශ්වික සබඳතා සහ පොදු වැදගත්කමක් ඇති කරුණු රැසක් පිළිබඳව සාකච්ඡා කර ඇති බව වාර්තා වේ.

ශ්‍රී ලංකා සන්නද්ධ හමුදාවන්ගේ පුහුණු හා වෘත්තීය සංවර්ධන කටයුතු සඳහා චීනය විසින් දිගුකාලීනව ලබාදෙන සහාය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ඇගයීමට ලක්ව ඇති අතර, ගොඩබිම් ආරක්ෂාවට අමතරව සමුද්‍රීය ආරක්ෂක හැකියාවන් වර්ධනය කිරීම සඳහා රට අවධානය යොමු කර ඇති බවද ඔහු පෙන්වා දී ඇත.

එමෙන්ම ශ්‍රී ලංකාව අනුගමනය කරන නොබැඳි විදේශ ප්‍රතිපත්තිය පිළිබඳවද මෙහිදී අවධාරණය කර තිබේ. මත්ද්‍රව්‍ය ජාවාරම්, අවි ආයුධ වෙළඳාම සහ මිනිස් ජාවාරම් මැඩපැවැත්වීම සඳහා සමුද්‍රීය ආරක්ෂාව ශක්තිමත් කිරීමේ අවශ්‍යතාව පිළිබඳවද දෙපාර්ශ්වය අදහස් හුවමාරු කරගෙන ඇත.

උසස් තාක්ෂණික විසඳුම්, ඒකාබද්ධ පුහුණු වැඩසටහන් සහ ආපදා කළමනාකරණය ඇතුළු අනාගත සහයෝගීතා ක්ෂේත්‍ර කිහිපයක් පිළිබඳවද මෙම හමුවේදී විශේෂ අවධානය යොමු කර තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button