
උණුසුම් පුවත්
ගෝඨාභයට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදෙස් ගමන් තහනමක්
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාර මාලාව සම්බන්ධයෙන් ක්රියාත්මක වන විමර්ශනවලට අදාළව හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ හමුදා නිලධාරීන් දෙදෙනෙකුට විදේශ ගමන් තහනමක් පනවා තිබේ.
අද (03) කොටුව මහෙස්ත්රාත් අධිකරණයේදී නඩුව කැඳවූ අවස්ථාවේදී මහෙස්ත්රාත් පසන් අමරසේන මහතා මෙම නියෝගය නිකුත් කළේය.
පාස්කු ඉරුදින ප්රහාර මාලාව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවේදී රාජ්ය බුද්ධි සේවයේ හිටපු අධ්යක්ෂවරයෙකු වන විශ්රාමික මේජර් ජනරාල් සුරේෂ් සලේ මහතා සැකකරුවෙකු ලෙස නම් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනවල කොටසක් ලෙස මෙම විදේශ ගමන් තහනම පනවා ඇති බව අධිකරණයේදී අනාවරණය විය.



