ප්‍රධාන පුවත්

කුෂ් මත්ද්‍රව්‍ය සමග 27 හැවිරිදි සැකකරුවෙක් ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට

ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ නිලධාරීන් විසින් සිදු කළ මෙහෙයුමකදී කුෂ් මත්ද්‍රව්‍ය තොගයක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරු සතුව තිබී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 1ක් හා ග්‍රෑම් 154ක් සොයාගෙන ඇති බව වාර්තා වේ.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ වයස අවුරුදු 27ක් වන වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකි.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය විසින් වැඩිදුර විමර්ශන කටයුතු මේ වනවිට ආරම්භ කර ඇත.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button