අද විශේෂ

මැදපෙරදිග යුදමය තත්වය ගැන විශේෂ සාකච්ඡාවක් විපක්ෂ නායකතුමාගෙ ප්‍රධානත්වයෙන් අද පාර්ලිමේන්තුවේදී

මැදපෙරදිග කලාපයේ උත්සන්න වී ඇති යුදමය වාතාවරණය පිළිබඳව අද (03) දිනයේ විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම සාකච්ඡාව විපක්ෂ නායක Sajith Premadasa මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරුවේ පැවැත්වෙන අතර, ඒ බව දෙමළ ප්‍රගතශ්‍රීගලී සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී Mano Ganesan මහතා සඳහන් කළේය.

එමෙන්ම මාර්තු මාසයේ පළමු සතිය සඳහා වන පාර්ලිමේන්තු සැසිවාරය අද පෙරවරු 9.30ට ආරම්භ වීමට නියමිතය.

අද දින විදේශ විනිමය පනත යටතේ නියමයක් විවාදයට ගැනීමට සැලසුම් කර ඇති අතර, විපක්ෂය ඉදිරිපත් කරන කල්තබන අවස්ථාවේ යෝජනාවද විවාදයට ගැනීමට නියමිතව තිබේ.

හෙට (04) දින ක්ෂුද්‍ර මූල්‍ය සහ ණය නියාමන අධිකාරිය පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය පැවැත්වීමට නියමිත අතර, ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් කල්තැබීමේ විවාදයක් ලබන 05 වන දින පැවැත්වීමට සැලසුම් කර ඇති බව පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය දැනුම් දී තිබේ.

මෙම සාකච්ඡාව මැදපෙරදිග කලාපයේ වර්තමාන ආරක්ෂක තත්ත්වය සහ එහි ශ්‍රී ලංකාවට ඇතිවිය හැකි බලපෑම් සම්බන්ධයෙන් විපක්ෂයේ ස්ථාවරය පැහැදිලි කිරීම සඳහා වැදගත් අවස්ථාවක් ලෙස සැලකේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button