
කුවේට් එයාර්වේස් යළි කොළඹට: අප්‍රේල් 15 සිට ගුවන්ගමන් නැවත ආරම්භ කරයි
මැදපෙරදිග යුධමය තත්ත්වය හේතුවෙන් තාවකාලිකව නවතා තිබූ Kuwait Airways ගුවන් සේවය, යළි ශ්‍රී ලංකාවේ කොළඹ වෙත ගුවන්ගමන් ආරම්භ කිරීමට තීරණය කර ඇතැයි සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය අද (08) පස්වරුවේ නිවේදනය කළේය.
එම තීරණය අනුව, දැනට පවතින ආරක්ෂක තත්ත්වය සලකා බලමින්, අප්‍රේල් 15 වනදා සිට නිල වශයෙන් ගුවන් සේවා ක්‍රියාත්මක කිරීමට නියමිතය.
මීට පෙර, මැදපෙරදිග ප්‍රදේශයේ උද්ගත වූ යුධමය වාතාවරණය හේතුවෙන්, පෙබරවාරි 28 වනදා සිට Kuwait Airways සිය මෙහෙයුම් කටයුතු තාවකාලිකව අත්හිටුවා තිබුණි.
ඊට පසුව, මාර්තු 2 වනදා සිට නැවත ගුවන්ගමන් ආරම්භ කිරීමට සැලසුම් කළද, එවකට පැවති අනාරක්ෂිත තත්ත්වය හේතුවෙන් එම සැලැස්මද අවලංගු කර තිබේ.
කෙසේ වෙතත්, එම කාලය තුළ මාර්තු 31 වනදා, මඟීන් 241 දෙනෙකු රැගත් විශේෂ ගුවන් යානයක් කුවේට් සිට කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපළ වෙත පැමිණි බවද වාර්තා වේ.



