උණුසුම් පුවත්

කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු ජීවිතක්ෂයට – සිවුදෙනෙකුට තුවාල

කුරුවිට බන්ධනාගාරයේ ගැටුමෙන් දෙදෙනෙකු මරුට – සිවුදෙනෙකු තුවාල

කුරුවිට බන්ධනාගාරයේ අද (07) උදෑසන රැඳවියන් පිරිසක් අතර ඇති වූ ගැටුමකින් රැඳවියන් දෙදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව කුරුවිට පොලීසිය පවසයි.

එම ගැටුමෙන් තවත් සිවුදෙනෙකු තුවාල ලබා ඇති අතර, ඔවුන්ට අවශ්‍ය ප්‍රතිකාර ලබාදීමට පියවර ගෙන තිබේ.

බන්ධනාගාරය තුළ හටගත් නොසන්සුන්කාරී තත්ත්වය මැඩපැවැත්වීම සඳහා බන්ධනාගාර නිලධාරීන් කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කර ඇති බව පොලීසිය සඳහන් කළේය.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන කුරුවිට පොලීසිය සහ බන්ධනාගාර බලධාරීන් විසින් සිදුකරනු ලබයි.

යාවත්කාලීන කිරීම

බන්ධනාගාර ප්‍රකාශකවරයා සඳහන් කළේ, කුරුවිට බන්ධනාගාරයේ නොසන්සුන්කාරී තත්ත්වය මුලින්ම ඊයේ (06) රාත්‍රියේ හටගෙන ඇති අතර එය එම අවස්ථාවේ පාලනය කිරීමට ආරක්ෂක අංශ කටයුතු කළ බවයි.

කෙසේ වෙතත්, අද (07) උදෑසන රැඳවියන් අතර යළිත් නොසන්සුන්තාවක් හටගෙන ඇති අතර, එම අවස්ථාවේදී රැඳවියන් පිරිසක් බන්ධනාගාර රෝහලටද අලාභහානි සිදුකර ඇති බව වාර්තා වේ.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන මේ වනවිටත් ක්‍රියාත්මක අතර, තත්ත්වය සම්පූර්ණයෙන් පාලනය කිරීම සඳහා ආරක්ෂක අංශ අතිරේක පියවර ගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button