
කුරුඳුවලින් රු. කෝටි 8,000කට ආසන්න ආදායමක්
පසුගිය වසර තුළ කුරුඳු නිෂ්පාදන අපනයනය කිරීමෙන් අමෙරිකානු ඩොලර් මිලියන 260කට අධික ආදායමක්, එනම් රුපියල් කෝටි 8,000කට ආසන්න මුදලක් උපයා ගැනීමට හැකිවී ඇති බව කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්යක්ෂ ජනරාල් ජනක ලින්දර මහතා පවසන්නේ, මේ වසරේදී කුරුඳු අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 300ක ඉලක්කයකට ළඟා කරගැනීමට බලාපොරොත්තු වන බවය.
අපනයනය කරන ලද කුරුඳු නිෂ්පාදන අතර වැඩිම ප්‍රමාණයක් හිමිව ඇත්තේ කුරුඳු කූරු සඳහා වන අතර, ඒ මඟින් පමණක් අමෙරිකානු ඩොලර් මිලියන 251ක ආදායමක් උපයාගෙන තිබේ.
ඊට අමතරව කුරුඳු පොතු, කොළ සහ කුරුඳු තෙල් අපනයනය කිරීමෙන්ද සෙසු ආදායම් ලැබී ඇති බව සඳහන් වේ.
මෙය ශ්‍රී ලංකා ඉතිහාසයේ කුරුඳු ආශ්රිත නිෂ්පාදනවලින් ලැබුණු ඉහළම වාර්ෂික ආදායම ලෙස සැලකෙන බවද කුරුඳු සංවර්ධන දෙපාර්තමේන්තුව පෙන්වා දෙයි.
පෙර වසරවලදී ශ්‍රී ලංකාව රටවල් 70කට ආසන්න සංඛ්‍යාවකට කුරුඳු නිෂ්පාදන අපනයනය කළද, 2025 වසරේදී එම සංඛ්‍යාව රටවල් 100කට වැඩි ප්‍රමාණයකට විහිදී ඇති බවද ජනක ලින්දර මහතා කියා සිටී.
මෙරට කුරුඳු ලෝක වෙළඳපොළේ ‘සිලෝන් සිනමන්’ නාමයෙන් විශේෂ ජනප්‍රියත්වයක් ලබා ඇති බවත්, එහි සෞඛ්‍ය ආරක්ෂිත බව සහ ඖෂධීය ගුණාංග එයට ප්‍රධාන හේතු වී ඇති බවත් ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.
ඒ අනුව 2026 වසර වන විට අමෙරිකානු ඩොලර් මිලියන 300ක ආදායම් ඉලක්කයක් සපුරා ගැනීමට හැකිවනු ඇතැයිද අධ්යක්ෂ ජනරාල්වරයා විශ්වාසය පළ කළේය.



