ක්‍රීඩා

කාන්තා ආසියානු කුසලානය ඉන්දියාවට

කාන්තා ආසියානු කුසලානය දිනාගනිමින් ආසියානු ක්‍රිකට් ශූරියන් බවට පත්වීමට ඉන්දිය කාන්තා කණ්ඩායම අද (13) සමත් විය. ඒ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමඟ පැවති අවසන් මහා තරගය ලකුණු 72කින් ජයගැනීමත් සමඟය.

කාසියේ වාසිය හිමිකරගත් ඉන්දියාව පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර, පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලකුණු 183ක් ලබාගත්තේය. ඉන්දීය ඉනිම ශක්තිමත් කිරීමට ශෆාලි වර්මා ලකුණු 68කින් සහ ස්ම්‍රිති මන්දනා ලකුණු 59කින් දායක වූහ.

ශ්‍රී ලංකාව වෙනුවෙන් පන්දු යැවීමේදී මිතලි අයෝධ්‍යා, චමරි අතපත්තු සහ චමුදි ප්‍රබෝධා එක් කඩුල්ල බැගින් දවාගත්හ.

ලකුණු 184ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමට නියමිත පන්දුවාර 20 තුළ සියලු දෙනා දැවී රැස්කරගත හැකි වූයේ ලකුණු 111ක් පමණි. ශ්‍රී ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ චමරි අතපත්තු ලකුණු 36ක් රැස් කළාය.

ඉන්දීය පන්දු යැවීම හමුවේ ශ්‍රී ලංකා පිතිකාරිනියන්ට ඉලක්කය කරා ළඟාවීමට නොහැකි වූ අතර, ශ්‍රී චරනි කඩුලු 4ක් දවාගනිමින් ඉන්දීය ජයග්‍රහණය සඳහා කැපී පෙනෙන දායකත්වයක් ලබාදුන්නාය.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button