
අදත් පළාත් කිහිපයකට මි.මී. 100 ඉක්මවූ තද වැසි
මි.මී. 100 ඉක්මවූ තද වැසි අද දිනයේදී දිවයිනේ පළාත් කිහිපයක ඇතැම් ස්ථානවලට ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි. ශ්‍රී ලංකාව ආසන්න පහළ වායුගෝලයේ පවතින කැළඹිලි ස්වභාවය හේතුවෙන් මෙම වැසි තත්ත්වය ඇතිවිය හැකි බව සඳහන් කර ඇත.
ඒ අනුව බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ සහ ඌව පළාත්වල අහස වලාකුළින් බරව පවතින අතර, විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකිය. දිවයිනේ සෙසු ප්රදේශවලද පස්වරු 1.00න් පසුව ස්ථාන කිහිපයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවීමට ඉඩ පවතී.
විශේෂයෙන් බස්නාහිර, මධ්‍යම, සබරගමුව, දකුණ, උතුරු මැද සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ගිගුරුම් සහිත වැසි ඇතිවන අවස්ථාවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බැවින් ඒ පිළිබඳවද අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ. එමෙන්ම අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙසද ජනතාවගෙන් ඉල්ලා ඇත.



