
ප්‍රධාන පුවත්
අනුරාධපුර නගර සැලැස්ම ගැන හෙට විශේෂ මාධ්‍ය හමුවක්
අනුරාධපුර නගර සැලැස්ම සම්බන්ධයෙන් පවතින කතාබහ පිළිබඳව කරුණු පැහැදිලි කිරීම සඳහා විශේෂ මාධ්‍ය හමුවක් හෙට (16) පැවැත්වීමට නියමිතව තිබේ.
අනුරාධපුර නගර සැලැස්ම ගැන කරුණු පැහැදිලි කිරීමට මහා සංඝරත්නයත් එක්වෙයි
බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් මෙම මාධ්‍ය හමුව පැවැත්වෙන අතර, ඒ සඳහා වැඩබලන අටමස්ථානාධිපති පූජ්‍ය ඊතලවැටුනුවැවේ ඥානතිලක හිමියන් ඇතුළු මහා සංඝරත්නය ද සහභාගී වීමට නියමිතය.
අනුරාධපුර නගර සැලැස්ම පිළිබඳ විශේෂ පැහැදිලි කිරීමක්
අනුරාධපුර නගරය සඳහා යෝජිත නව සැලැස්ම මේ වන විට සමාජයේ දැඩි අවධානයට ලක්ව ඇති අතර, එය ක්‍රියාත්මක කිරීම අත්හිටුවන ලෙස ද විවිධ පාර්ශ්වයන්ගෙන් ඉල්ලීම් ඉදිරිපත් වී තිබේ.
මෙවැනි පසුබිමක් තුළ අදාළ නගර සැලැස්ම සම්බන්ධයෙන් පවතින කරුණු සහ ඒ පිළිබඳව දැනුවත් කිරීමේ අරමුණින් මෙම මාධ්‍ය හමුව සංවිධානය කර ඇති බව බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය සඳහන් කරයි.



