ප්‍රධාන පුවත්

මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අද විවෘත කෙරේ

මෙරට ප්‍රථම බැටරි බලශක්ති ගබඩා පද්ධතිය සහ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ දියජනනි පාවෙන සූර්ය බලශක්ති බලාගාරය අද (18) විවෘත කිරීමට නියමිතය.

 

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම ව්‍යාපෘති විවෘත කිරීමට නියමිතව තිබේ.

 

මෙගාවොට් 10ක ධාරිතාවයකින් යුත් බැටරි බලශක්ති ගබඩා පද්ධතිය අනුරාධපුරයේ ස්ථාපිත කර ඇති අතර, එහි ප්‍රධාන අරමුණ වන්නේ මෙරට පුනර්ජනනීය බලශක්ති ධාරිතාව වැඩි කිරීම සහ ජාතික විදුලි පද්ධතියේ ස්ථාවරත්වය ශක්තිමත් කිරීමය.

 

මේ අතර, පුනර්ජනනීය බලශක්තිය මගින් විදුලිය උත්පාදනය කිරීමේ රජයේ ජාතික වැඩසටහන යටතේ දඹුල්ල ඉබ්බන්කටුව වැව මත ඉදිකළ දියජනනි පාවෙන සූර්ය බලශක්ති පද්ධතියද අද පස්වරුවේ ජනාධිපතිවරයා විසින් විවෘත කිරීමට නියමිතය.

 

එම සූර්ය බලශක්ති ව්‍යාපෘතිය මගින් මෙගාවොට් 5ක විදුලි ධාරිතාවක් ජාතික විදුලි පද්ධතියට එක් කිරීමට නියමිත අතර, එමගින් නිවාස 10,000කට පමණ අවශ්‍ය බලශක්තිය සැපයීමට අපේක්ෂා කෙරේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button