
කාලගුණය
ප්‍රබල අකුණු ගැන ප්‍රදේශ කිහිපයකට අවවාදාත්මක නිවේදනයක්ඩ්
ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින ප්‍රදේශ කිහිපයක් සඳහා කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
ඒ අනුව ඌව සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම මුලතිව් සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලට මෙම අනතුරු ඇඟවීම අදාළ වේ.
අදාළ ප්‍රදේශවල සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි අවදානමක් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අද (18) පෙරවරු 11.00ට නිකුත් කර ඇති මෙම අවවාදාත්මක නිවේදනය අද රාත්‍රී 11.30 දක්වා බලපැවැත්වේ.
එමෙන්ම ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී අදාළ ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.
ඒ අනුව අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටී.



