
උද්ධමනය 2026දී 5.2% දක්වා ඉහළ යා හැකියි – Asian Development Bank අනාවැකි
ආර්ථිකය යළි පථයකට පිවිසෙමින් තිබුණද, ගෝලීය අර්බුද සහ දේශීය පීඩන හේතුවෙන් ජනතාවට මුහුණදීමට සිදුවන ජීවන වියදම් තවදුරටත් ඉහළ යා හැකි බව නවතම වාර්තා පෙන්වා දෙයි.
විසින් නිකුත් කළ නවතම වාර්තාවකට අනුව, ශ්‍රී ලංකාවේ උද්ධමන මට්ටම 2026 වසරේදී 5.2% දක්වා ඉහළ යා හැකි බව පුරෝකථනය කර ඇත.
2025 වසරේදී -0.5% ලෙස වාර්තා වූ උද්ධමනයෙන් පසු මෙවැනි ඉහළ යාමක් අපේක්ෂා කරන බව එම බැංකුව අද (10) දින ප්‍රකාශයට පත් කළ Asian Development Outlook (ADO) – April 2026 වාර්තාවෙන් පෙන්වා දෙයි.
එම වාර්තාව අනුව, මැදපෙරදිග පවතින යුද තත්ත්වයන් හේතුවෙන් ඉන්ධන මිල ඉහළ යාම, උද්ධමනය ඉහළ යාමට ප්‍රධාන හේතුවක් වනු ඇතැයි සඳහන් වේ.
ඊට අමතරව, විදේශ මුදල් ප්‍රේෂණ ප්‍රවාහය අඩුවීම, ජාත්‍යන්තර වෙළෙඳාමට සහ සංචාරක ක්ෂේත්රයට ඇති වන බාධා ද මෙම තත්ත්වයට දායක වන කරුණු ලෙස හඳුනාගෙන ඇත.
මෙම ආර්ථික පීඩන හේතුවෙන් ගෘහස්ථ ආදායම් මත සහ බාහිර ආර්ථික ස්ථාවරත්වය මත බර පැටවෙන අතර, එය සමස්ත ආර්ථික වර්ධනයට ද අභියෝගයක් විය හැකි බවද වාර්තාවෙන් අවධාරණය කරයි.
එසේම, 2024 සහ 2025 වසරවලදී සටහන් වූ 5.0%ක ශක්තිමත් ආර්ථික වර්ධනයෙන් පසුව, 2026 වසරේදී ශ්‍රී ලංකා ආර්ථිකය 4.0%ක මධ්‍යස්ථ වර්ධනයක් පමණක් දක්වනු ඇති බවද විසින් පෙන්වා දෙයි.



