ප්‍රධාන පුවත්

උකුළේ වාඩි වීමට තැත් කළ පොලිස් කොස්තාපල්ට වැඩ වරදියි

පොලිස් කොස්තාපල්ට වැඩ වරදියි යනුවෙන් අවසන් වූ විනය ක්‍රියාමාර්ගයක් මකුලුගස්වැව පොලිසියෙන් වාර්තා වේ. කාන්තා පොලිස් කොස්තාපල්වරියකගේ උකුළේ වාඩි වීමට තැත් කළ බවට චෝදනා එල්ල වූ පොලිස් කොස්තාපල්වරයෙකුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගෙන ඇත.

පොලිස් ආරංචි මාර්ග අනුව, අදාළ නිලධාරියා පසුගිය 15 වැනිදා දඹුල්ල ගම්උදාව ක්‍රීඩාංගණයේ පැවති සංගීත ප්‍රසංගයක රාජකාරි නිම කිරීමෙන් පසු මකුලුගස්වැව පොලිස් ස්ථානයට පැමිණ තිබේ.

එහිදී පුටුවක අසුන්ගෙන සිටි කාන්තා පොලිස් කොස්තාපල්වරියගේ උකුළ මත වාඩි වීමට ඔහු උත්සාහ කර ඇති බවට චෝදනා එල්ල වී ඇත.

සිද්ධියෙන් අනතුරුව අදාළ කාන්තා පොලිස් නිලධාරිනිය පොලිස් ස්ථානාධිපතිවරයා හරහා ප්‍රදේශය භාර සහකාර පොලිස් අධිකාරිවරයා වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර, ඒ අනුව විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විමර්ශනවලදී අනාවරණය වී ඇත්තේ සිද්ධිය සිදුවූ අවස්ථාවේ සැකකාර පොලිස් කොස්තාපල්වරයා බීමතින් සිට ඇති බවයි.

කාන්තා පොලිස් නිලධාරිනියට අතවර කිරීමට තැත් කිරීම සහ රාජකාරි අතරතුර බීමතින් සිටීම යන චෝදනා සැලකිල්ලට ගනිමින් සිදු කළ විනය පරීක්ෂණයෙන් අනතුරුව අදාළ පොලිස් කොස්තාපල්වරයාගේ වැඩ තහනම් කිරීමට සහකාර පොලිස් අධිකාරිවරයා පියවර ගෙන තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button