
ඉරානය සමඟ සටන් විරාමය දිගු කරයි – ට්‍රම්ප්ගෙන් නව තීරණයක්
ඉරානය සමඟ පැවති සටන් විරාම කාලය දීර්ඝ කිරීමට අමෙරිකානු ජනාධිපති donald trump තීරණය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මෙම නිවේදනය නිකුත් කර ඇත්තේ, පෙර ප්‍රකාශයට පත් කළ විරාම කාලය අවසන් වීමට පැය කිහිපයකට පෙර බවද සඳහන් වේ.
මාසයකට වැඩි කාලයක් පුරා පැවති මෙම ගැටුම දහස් ගණනක ජීවිත අහිමි කරමින් සහ ගෝලීය ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල කර ඇති අතර, එය අවසන් කිරීම සඳහා දෙරට අතර සාම සාකච්ඡා අඛණ්ඩව පවත්වාගෙන යාම මෙම තීරණයේ ප්‍රධාන අරමුණ ලෙස දැක්වේ.
විරාම කාලය අවසන් වූ පසු ප්‍රහාර ආරම්භ කරන බවට මුලදී අනතුරු ඇඟවීම් නිකුත් කර තිබුණද, පසුව එම ස්ථාවරයෙන් ඉවත් වී ඇති බව වාර්තා වේ. ට්‍රම්ප් ජනාධිපතිවරයා විසින් නිකුත් කළ ප්‍රකාශයක සඳහන් වන්නේ, සාම සාකච්ඡා සඳහා මැදිහත්කරු ලෙස ක්‍රියාකරන පාකිස්තානය විසින් ඉදිරිපත් කළ ඉල්ලීමකට එකඟව මෙම තීරණය ගත් බවයි.
ඒ අනුව, ඉරාන නායකයින් සහ නියෝජිතයින් විසින් එකඟ වූ යෝජනාවක් ඉදිරිපත් කරන තෙක් ඉරානයට එල්ල කිරීමට සැලසුම් කර තිබූ ප්‍රහාර අත්හිටුවීමට තීරණය කර ඇති බවද වැඩිදුරටත් සඳහන් වේ.



