කාලගුණය

දිවයිනේ ප්‍රදේශ රැසකට තද වැසි – මි.මී 75 ඉක්මවිය හැකි බව කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අද දින පස්වරු 1.00 පමණට පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කර තිබේ.

විශේෂයෙන් බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව සහ දකුණු පළාත්වලට අමතරව අම්පාර හා කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවල මිලිමීටර් 75ට වැඩි තද වැසි පවතින හැකියාවක් ඇති බව සඳහන් වේ.

මඩකලපුව, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවල උදෑසන කාලයේදීද වැසි ඇතිවිය හැකි අතර, මධ්‍යම, සබරගමුව, උතුරු මැද සහ ඌව පළාත්වලත් ගාල්ල, මාතර, කළුතර, වවුනියාව සහ කුරුණෑගල දිස්ත්‍රික්කවලත් අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පවතිනු ඇත.

එමෙන්ම ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර අනුගමනය කරන ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව මහජනතාවගෙන් ඉල්ලා සිටී.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button