ප්‍රධාන පුවත්

ශ්‍රී ලංකා විදෙස් සංචිත අප්‍රේල් මාසයේදී යළි පහළට

2026 අප්‍රේල් මාසය අවසන් වන විට ශ්‍රී ලංකා මහ බැංකුව සතු නිල විදෙස් සංචිත වත්කම් ප්‍රමාණය යළිත් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 සීමාවට පහළ වැටී ඇති බව නවතම දත්තවලින් අනාවරණය වී තිබේ.

මහ බැංකුව නිකුත් කළ සංඛ්‍යා ලේඛන අනුව, 2026 මාර්තු මාසය අවසානයේ ඩොලර් මිලියන 7,026ක් ලෙස පැවති සමස්ත නිල සංචිත වත්කම්, අප්‍රේල් අවසානය වන විට ඩොලර් මිලියන 6,759ක් දක්වා අඩුවී ඇත.

විදේශ විනිමය සංචිතයද මෙම කාලය තුළ පහළ යාමක් පෙන්නුම් කර ඇති අතර, මාර්තු මාසයේ ඩොලර් මිලියන 6,800ක් ලෙස සටහන් වූ ප්‍රමාණය අප්‍රේල් මාසයේදී ඩොලර් මිලියන 6,505ක් දක්වා අඩු වී තිබේ.

මීට අමතරව, මහ බැංකුව සතු රන් සංචිත වටිනාකමද සුළු අඩුවීමක් වාර්තා කරමින් ඩොලර් මිලියන 222 සිට ඩොලර් මිලියන 219 දක්වා පහළ ගොස් ඇත.

වසර පහහමාරකට පසුව ප්‍රථම වරට 2026 පෙබරවාරි මාසයේදී ශ්‍රී ලංකාවේ නිල සංචිත වත්කම් ඇමෙරිකානු ඩොලර් බිලියන 7 සීමාව ඉක්මවා ඩොලර් මිලියන 7,284ක් ලෙස වාර්තා වුවද, මාර්තු මාසයේ සිට එහි පහළ යාමේ ප්‍රවණතාවක් දැකගත හැකි විය.

ඒ අනුව, මාර්තු මාසයේ සියයට 3.5ක අඩුවීමකට පසුව අප්‍රේල් මාසයේදීද අඛණ්ඩව දෙවන වරට නිල සංචිත පහළ බැසීමක් වාර්තා වී තිබේ.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button