ප්‍රධාන පුවත්

ඉන්ධන, බලශක්තිය සුරැකීමට රාජ්‍ය සේවය සඳහා මාර්ගෝපදේශ මාලාවක්

පවතින ඉන්ධන සහ බලශක්තිය සපයාගැනීමේ ගැටලුවලට තවමත් නිසි පිලියමක් නොමැති හෙයින්  භාවිතය අවම  කිරීම සඳහා සියලු රාජ්‍ය ආයතන වෙත නව උපදෙස් මාලාක රජය විසින් ලබාදී ඇත්.

 

 ඒ අනූව,

තනි තනි වාහන වෙනුවට පොදු ප්‍රවාහනය හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රමවේද.

රැස්වීම් හා සාකච්ඡා ඔන්ලයින් ක්‍රමවේද ඔස්සේ සිදුකිරීම.

සියලු ලිපිලේඛන E-mail හෝ Whattsapp කිරීම.

හැකි සෑමවිටම Sky lights භාවිත කිරීම.

වායු සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය.

උදෑසන කාලයේ ජනෙල් විවෘත කිරීම සහ පැය 1ක් හෝ 2ක් වායු සමීකරණ යන්ත්‍ර අක්‍රීය කිරීම හා වායු සමීකරණයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 26 හෝ ඊට වැඩි අගයක් පවත්වා ගැනීම අනිවාර්යය වේ.

අධි ආරක්ෂක හා ආරක්ෂිත කලාප මාර්ගවල හැර සියලුම මාර්ගවල විදුලි පහන් නිවාදැමීම.

විදුලි සෝපානය වෙනුවට හැකිතාක් පියගැටපෙළ භාවිත කිරීම.

තාක්ෂණික පහසුකම් පවතී නම් කාර්ය මණ්ඩල කාර්යාලයට නොකැඳවා ඔන්ලයින් සේවය ලබාගැනීම.
නියමිත රාජකාරි වෙලාවෙන් පසුව හා සතිඅන්තයේ කාර්යාල වසා තැබීම. 

ඒ අතරවේ.

 

මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති යුදමය තත්ත්වය හේතුවෙන් ඉදිරියේ දී ශ්‍රී ලංකාවට ඉන්ධන ආනයනය කිරීමේදී බාධා ඇතිවිය හැකි බව සැලකිල්ලට ගනිමින්, දැනට පවතින ඉන්ධන සංචිත අරපිරිමැස්මෙන් භාවිතා කිරීමට සහ අත්‍යාවශ්‍ය සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම සඳහා රජය විසින් විශේෂ මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා විසින් මෙම මාර්ගෝපදේශ ඊයේ (23) සියලු අමාත්‍යංශ ලේකම්වරුන්, පළාත් ප්‍රධාන ලේකම්වරුන්, දිස්ත්‍රික් ලේකම්වරුන් සහ රාජ්‍ය ආයතන ප්‍රධානීන් වෙත යොමු කර ඇති බව වාර්තා වේ. එම මාර්ගෝපදේශ මඟින් රාජ්‍ය ආයතනවල ප්‍රවාහන කළමනාකරණය, ඉන්ධන භාවිතය සහ සේවා ක්‍රියාත්මක කිරීම පිළිබඳව විස්තරාත්මක උපදෙස් ලබා දී ඇත.

නිලධාරීන්ට රාජකාරී සඳහා පැමිණීමේදී තනි වාහන භාවිතය අවම කරමින් හැකි සෑම අවස්ථාවකම පොදු ප්‍රවාහන හෝ කණ්ඩායම් ප්‍රවාහන ක්‍රම භාවිතා කිරීමට උපදෙස් ලබා දී තිබේ. එමෙන්ම ක්ෂේත්‍ර රාජකාරී සඳහා අවම වාහන සංඛ්‍යාවක් යොදාගැනීමට හැකිවන පරිදි දෛනික ප්‍රවාහන සැලසුම් සකස් කිරීමද අවශ්‍ය කර ඇත.

විදුලිය සහ බලශක්තිය සුරක්ෂිත කිරීම සඳහාද විශේෂ උපදෙස් නිකුත් කර ඇති අතර, හැකි සෑම විටකම ස්වභාවික ආලෝකය භාවිතා කිරීම, වායු සමීකරණ වෙනුවට විදුලි පංකා භාවිතය, සහ විදුලි සෝපාන භාවිතය සීමා කිරීම ප්‍රමුඛත්වයෙන් සඳහන් වේ. තවද අනවශ්‍ය අවස්ථාවල විදුලි ලාම්පු නිවා දැමීම සහ අධි ආරක්ෂිත කලාප හැර අනෙකුත් මාර්ගවල විදුලි පහන් තාවකාලිකව අක්‍රීය කිරීම ද යෝජනා කර ඇත.

ආයතනවල මෙහෙයුම් කටයුතු සම්බන්ධයෙන්, තාක්ෂණික පහසුකම් පවතින ස්ථානවල සේවකයින්ට මාර්ගගත ක්‍රමවේද හරහා සේවය ලබාදීම සලස්විය යුතු බවත්, රාජකාරී වේලාවෙන් පසුව සහ සතිඅන්ත දිනවල අත්‍යාවශ්‍ය අවස්ථා හැර කාර්යාල වසා තැබීම අවශ්‍ය බවත් සඳහන් වේ.

මෙම තත්ත්වය යටතේ සියලු රාජ්‍ය නිලධාරීන් ජනතාවට ආදර්ශයක් වන පරිදි බලශක්ති සුරක්ෂිතතාවයට උපරිම සහාය ලබාදිය යුතු බවත්, ජාතික මට්ටමේ බලශක්ති කළමනාකරණයට දායක විය යුතු බවත් අත්‍යාවශ්‍ය සේවා කොමසාරිස් ජනරාල්වරයා අවධාරණය කරයි.

මේ අතර, පස්වරු 6.00 සිට රාත්‍රී 10.00 දක්වා කාලය තුළ විදුලිය අරපිරිමැස්මෙන් භාවිතා කරන ලෙස නියෝජ්‍ය අමාත්‍ය චතුරංග අබේසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කර ඇත.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button