යුද්ධ සහ ගැටුම්

ඉරානයට එරෙහි ගොඩබිම් මෙහෙයුමක්? පෙන්ටගනයේ රහස් සැලසුම් සූදානම් බවට වාර්තා

ඉරානයට එරෙහිව ගොඩබිම් යුද මෙහෙයුමක් ආරම්භ කිරීම සම්බන්ධයෙන් අමෙරිකානු ආරක්ෂක මූලස්ථානය වන පෙන්ටගනය සූදානම් වෙමින් සිටින බව විදේශීය මාධ්‍ය වාර්තා කරයි. විශේෂයෙන්ම වොෂින්ටන් පෝස්ට් ( WOSHINTON POST ) පුවත්පත සඳහන් කරන්නේ, මෙම මෙහෙයුම සති කිහිපයක් පුරා දිගහැරෙන දැවැන්ත හමුදා ක්‍රියාමාර්ගයක් විය හැකි බවයි.

අදාළ වාර්තා අනුව, මෙහෙයුමට අදාළ සියලු යුද සැලසුම් මේ වනවිටත් සම්පූර්ණ කර ඇති අතර, ඒවා අමෙරිකානු ආරක්ෂක අංශයන් විසින් සූදානම් කර අවසන් කර ඇත. කෙසේවෙතත්, මෙම මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට අවසන් අනුමැතිය ලබා දෙනවාද යන්න පිළිබඳව අමෙරිකානු ජනාධිපතිවරයා තවමත් නිල තීරණයක් ගෙන නොමැති බවද පැවසේ.

මේ අතර, මැදිපෙරදිග කලාපය වෙත අමෙරිකානු මැරීන් භටයින් 4,000ක් යොමු කර ඇති බවටද පසුගියදා වාර්තා විය. තවද, 82 වන ගුවන් හමුදා කණ්ඩායමේ පැරෂුට් භටයින් ද යුද මෙහෙයුමකට සූදානමින් සිටින බවට වැඩිදුරටත් තොරතුරු හෙළිවෙයි.

 

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button