උණුසුම් පුවත්

සුගීෂ්වර බණ්ඩාර යළි රිමාන්ඩ්

හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ හිටපු පෞද්ගලික ලේකම් සුගීෂ්වර බණ්ඩාර මහතා ලබන ඔක්තෝබර් 28 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කිරීමට අධිකරණය නියෝග කර තිබේ.

 

අද (21) කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් අදාළ නියෝගය ප්‍රකාශයට පත් කරනු ලැබීය. එහිදී සුගීෂ්වර බණ්ඩාර මහතාට එරෙහි නඩුව වෙනත් අධිකරණයකට මාරු කිරීමේ අවශ්‍යතාවක් නොමැති බව අධිකරණ සේවා කොමිෂන් සභාව දැනුම් දී ඇති බව ද සඳහන් විය.

බැංකු ගිණුම් පිළිබඳ වාර්තා කැඳවීමට නියෝග

මේ අතර, සුගීෂ්වර බණ්ඩාර මහතාගේ බිරිඳගේ බැංකු ගිණුම ඇතුළු අදාළ අනෙකුත් ගිණුම් සම්බන්ධයෙන් වාර්තා ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරයා අදාළ බැංකු ප්‍රධානීන්ට නියෝග කර තිබේ.

එම ගිණුම් සම්බන්ධයෙන් අවශ්‍ය විමර්ශන සිදුකර අදාළ වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ද නියෝග කර ඇත.

ඒ අනුව, සුගීෂ්වර බණ්ඩාර මහතා ඔක්තෝබර් 28 වැනිදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ.

Related Articles

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

Back to top button