
ඉන්ධන මිල සංශෝධනය අද රාත්‍රියේ
ඉන්ධන මිල සංශෝධනය ඔක්තෝබර් මාසයට අදාළව අද (30) රාත්‍රියේ ප්‍රකාශයට පත් කිරීමට නියමිත බව බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පවසයි.
අද පැවති මාධ්‍ය හමුවකදී අමාත්‍යවරයා සඳහන් කළේ සාමාන්‍යයෙන් සෑම මාසයකම අවසන් දිනයේදී ඉන්ධන මිල සංශෝධනය සිදුකිරීමට කටයුතු කරන බවය.
මෙවර මිල සංශෝධනය යටතේ ඩීසල් ලීටරයක් සඳහා රුපියල් 70ක සහනාධාරයක් ලබාදීමට රජය කටයුතු කරන බවද ඔහු පැවසීය.
ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ යාම හේතුවෙන් මෙරට ඉන්ධන බෙදාහරින සමාගම් මුහුණ දී ඇති පාඩු සම්බන්ධයෙන් රජය දැනුවත් කර ඇති බව අමාත්‍යවරයා සඳහන් කළේය.
එම සමාගම් කිහිපයක් ඩීසල් අලෙවියේදී ලීටරයකට රුපියල් 120, 135, 192 සහ 247 වැනි පාඩු ලබන බවට දැනුම් දී ඇතැයිද අමාත්‍යවරයා පැවසීය.
ඩීසල් සඳහා සහනාධාරයක් ලබාදීම හේතුවෙන් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවටද සැලකිය යුතු මූල්‍ය බරක් දැරීමට සිදුවන බව ඔහු සඳහන් කළේය.
කෙසේ වෙතත්, වසර අවසානයේදී සංස්ථාවට පාඩුවක් ඇති නොවන ආකාරයෙන් කටයුතු කිරීමට අවධානය යොමු කර ඇති බවද අමාත්‍යවරයා පැවසීය.
ඩීසල් සඳහා ලබාදෙන මෙම සහනාධාරය පෙට්‍රල් සඳහා ලබාදීමට කටයුතු නොකරන බවද බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.



